2021.06.19 තමයි Codehero mobile apps එක්ක codehero platform එක සම්පුර්ණ වෙලා එලියට එන්නේ. මේ වෙද්දී registered users ලා 12,000 කට වැඩි පිරිසක් වගේම ප්‍රශ්න 20,000 කට වැඩි ප්‍රමාණයක් මේ community එක තුලින් share වෙලා තියෙනවා. හැමෝම දන්නා විදියට මේ community එක හැදුවේ කිසිම ලාභයක් අරමුණු කරගෙන නෙමේ. අඩුම මේ platform එකේ එකම එක ad එකක් වත් නැහැ. නමුත් ලංකාවේ දහස් ගණනකට තමන්ට තියන programming related ප්‍රශ්න මේකේ පොස්ට් කරන්න වගේම හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් වෙන්න ඇති කියල හිතනවා. අවුරුද්දක් තුල ලංකාවේ active වගේම හොඳම coding community එක බවට පත් වෙන්න අපි හැමෝටම පුළුවන් වුනා. Codehero පටන් ගනිද්දී කවදාවත් ඒ දේ බලාපොරොත්තු නොවිච්ච දෙයක්.
පහුගිය කාලේ posts අතර spam posts links තිබ්බ නිසා මෙතැන් ඉදිරියට approval එක මත විතරක් posts publish වෙන්නේ. ඉතින් ඔයාලා දාන posts සහ ප්‍රශ්න කලින් වගේ instant නොවුනත් පැය කිහිපයක් තුල approve වීම සිද්ද වේවි. ඉතින් android සහ iOS දෙකටම app එක ගෙන හිටියොත් notifications ගෙන්නගන්නත් පුළුවන්. ජයවේවා.
Pinned
Code Hero අපිට අවුරුද්දයි
Share
🥳🥳🥳🥳🥳🥳
nice
Post approve කරල publish කරන එකනම් හොදයි. Congratulations අපි හැමෝටම🥳🥳
Glad to see this active again, Also appreciate the approval process. Hopefully we’ll be able to keep this clean again.
Superb